ගෙදර බල්ලත් මර්වින්වම සපාකයි.
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව සිය නිවසේ ඇතිදැඩි කරන බල්ලා විසින් හපා කා ඇතැයි වාර්තා වේ.
පසුගියදා සිංගප්පූරුවේදි ආබාධයකට ලක්වූ ඔහුගේ දකුණු කකුලම සුරතලයට ඇතිකරන බල්ලා විසින් හපා කා තිබේ.
බල්ලා තමාගේ කකුල සපාකෑම පිලිබඳ අමාත්‍යවරයා පවසන්නේ මෙවන් අදහසකි.
මේ ගෙදර ඇතිකරන බල්ලා..ඔලුව අතගාලා සෙල්ලම් කරන බල්ලා..ඉතින් මම කණගාටු වෙන්නේ නැහැ මම පොළොන්නරු යද්දී පාරේ හිටපු බල්ලෙක් අනුකම්පා කරලා ගෙනාවේ..ගෙනල්ලා නාවලා හොදට හැඳුවා..
කන්න බොන්න දුන්නා..බල්ලා බොහොම සශ්‍රිකව වැඩුනා..එදා මම ගමනක් යන්න ගිහිල්ල බලල ලඟට ගිහිල්ලා ඔලුව අතගාලා...එතකොට බලල මොනවහරි හිතේ තියන් හිටියද දන්නේ නැහැ..බලල මගේ හැපුවා කකුල...
හපනකොටම මම හිතුව තුවාල කරලත් බල්ලට වැඩක් නෑ..ගහලත් වැඩක් නැහැ..බල්ලනේ..එදා ගෙදර හිටිය පුතයි, පුතා බඳින්න හිටිය ළමයයි..මගේ සිකියුරිටි කට්ටියත් එක්ක කෙලින්ම හොස්පිටල් එකට ආවා..
Posted in:
පුවත්
0 comments for "ගෙදර බල්ලත් මර්වින්වම සපාකයි."
Leave a reply