වැසිකිළියක කලයුතුදෙය ATM යන්ත්‍රයක කළ කාන්තාවක්.
නගරයට ආ කාන්තාවකි. ඇයට හදිසි ශාරීරික අවශ්‍යතාවක් ඇතිවූයෙන් වටපිට විපරම් කළ ඇය තැනක් සොයා ගත්තාය.
අවශ්‍යතාවට මුල්තැන දීම හැර තැන නොතැන බැලීමට වෙලාවක් නැත.
තව ටිකක් පමා වුවහොත් මහා ජංජාලයක් වන බව ඇය දනී. ටෙලර් කුටියට ගිය ඇය සැනසුම් සුසුමක් හෙළුවාය. එහි කුණු කූඩය ඇගේ පෝච්චිය විය. බර සැහැල්ලූ කරගත් ඇය කාඞ්පතින් මුදල්ද ගෙන ගෙදර ගියාය.
ඒත් ඇය ගෙදර ගියේ සාක්කියක් එතැන ඉතිරි කිරීමෙනි. සීසීටීවී ආරක්ෂක කැමරාව ඒ සාක්කියයි. ඇය ගිය සැණින් තවත් ගනුදෙනු කරුවෙක් එහි ආවේය.
අමුතු ගඳක් දැණිනි. වටපිට බැලීය. කුනු කූඩය දෙස බැලූවිට ඔහුට කාරණය තේරුම් ගියේය. පසුදිනෙක බැංකුව ඇය කැඳෙව්වාය. ඇය කළ වැඬේ වැරැුදි වුවත්, ඇය ඒ අවස්ථාවේ සිටි තත්ත්වය වටහාගත් බැංකු නිලධාරින් ප‍්‍රශ්නය දුරදිග ගෙන ගියේ නැත.
Posted in:
පුවත්
0 comments for "වැසිකිළියක කලයුතුදෙය ATM යන්ත්‍රයක කළ කාන්තාවක්."
Leave a reply