ඩිල්ෂාන්ට එරෙහිව පැමිණිල්ලක්.
තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව පසුගියදා කොස්වත්ත තලංගම පොලිසියේ පැමිණිල්ලක් විභාග වූ බව වාර්තා වේ. එම විමර්ෂණයට හේතුවී ඇත්තේ දිල්ශාන්ගේ පළමු විවාහයේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධවය.
ඩිල්ෂාන් දෙවැනි වරට විවාහ වී සිටින්නේ නිළියක වන මංජුලා තිළිණී සමග වන අතර ඔහුගේ පළමු බිරිඳගේ දරුවා වෙනුවෙන් මාසිකව රු 20000 ක නඩත්තු මුදලක් ගෙවීමට ඔහු මෙයට පෙර පොරොන්දු වී ඇත.
නමුත් දිල්ශාන් විසින් එම රුපියල් විසි දහසද නිසි පරිදි ගෙවා නොමැත. මේ වන විට ඩිල්ෂාන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වන නිහාල් ජයමාන්න ද මෙම නඩුවෙන් ඉවත්ව ඇති අතර එයට හේතුව ගෙවීමි පිළිබඳ ගැටලුවකි.
දිල්ශාන් මෙලෙස හැසිරෙන්නේ වත්මන් බිරිඳ වන මංජුලා තිළිණීගේ බස්වලට අවනතව වන අතර පසුගිය දිනෙක පලමු බිරියගේ දරුවා තමා වෙත ගෙන්වාගත් ඩිල්ෂාන් ඔහුට අලූත් ඇඳුම් අන්දවා ප්‍රසන්න හෙන්නායක නම් ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වෙත ගෙනගොස් තමා සමග සතුටින් සිටින ඉරියව්වලින් විවිධ ස්වරූපයේ ඡායාරූප රැසක්ම ගෙන ඇත. එය නීතිමය අවශ්‍යතාවයකදී අවශ්‍යය රැකවරණය ලබාගැනීම සඳහාය.
ඩිල්ශාන්ගේ ප්‍රථම විවාහයේ දරුවාට කිසිදු රෝගයක් නොමැති වූවත් ඩිල්ෂාන් ඔහුව ඕස්ට්‍රේලියාවේ වීසා ලබා ගැනීම සදහා වෛද්‍ය වාර්තා ලබා ගන්නා වෛද්‍යවරයෙකු වෙත යොමු කොට වෛද්‍ය වාර්තා ලබාගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය ජයාරූප ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
මෙවැනි කරුණු රැසක් පිළිබඳව වාර්තා වී ඇති බැවින් කොස්වත්ත තලංගම පොලිසියේ දැනුම්දීම මත පසුගිය දිනෙක පාන්දර 01 ට පමණ ඩිල්ෂාන් පොලිසියට පැමිණ විමර්ෂණ සදහා ඉදිරිපත් ව ඇත.
ව්‍යාපාර හා ක්‍රීඩා තරඟ වලින් ඉපයූ විශාල මුදලක් දිල්ශාන් සතු බැවින් ඒවාට පළමු විවාහයේ දරුවා හිමිකම් කියාවි යැයි බියෙන් පසුවන මංජුලා තිළිණී මෙම සියලු දේ තිරය පිටුපස සිට මෙහෙයවන බව වාර්තා වේ.
Posted in:
පුවත්
0 comments for "ඩිල්ෂාන්ට එරෙහිව පැමිණිල්ලක්."
Leave a reply