නවසීලන්තය නැවතත් නිරුවතේ වාර්තාව තබයි
මුහුදු වෙරළට රැස්ව දිය නෑමකවුරුත් අත්විද ඇති මෙන්ම දැක ඇති දසුන්ය. එහි පුදුම සහගත දෙයක් දක්නට නැත. එහෙත් අප තබා මෙම සටහන පුදුම සහගතය. ලොව වැඩිම පිරිසක් එකට එක්ව එක් ස්ථානයක දී ස්නානය කරනු ඔබ මිට පෙර දැක තිබෙනවා ද? මීට පෙර විශාල පිරිසක් එකට එක්ව නිරුවතින් මහ සයුරෙහි ගිලෙමින් ස්නානය කළ වාර්තාව බිදහෙළීම සදහා පසුගිය දා නවසීලන්ත වැසියන් බොහෝ පිරිසක් නිරුවතින් මුහුදු වෙරළට රැස් වුහ.
ඊසානදිග නවසීලන්තයේ පිහිටි ‘ගිස්බන්’ නම් වූ මුහුදු වෙරළට රැස් වූ පිහිණුම් කරුවන් 745 දෙනෙක් මේ අයුරින් ඇදුම් උනා දමා මුහුදට පැන ස්නානය කර ඇත. මෙම අවස්තාව සංවිධානය කර ඇත්තේ නවසීලන්තයේ පිහිටි ‘ද එජ්’ රේඩියෝ චැනල් එකක්විසිනි. විශේෂයෙන් ම මෙය ‘ස්මර් ෆෙස්ටිවල්’ යන උත්සවය ජයටම සැමරීම වෙනුවෙනි.
නිරුවත් පිහිණුම් කරුවන්506 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය වසරේ දී මෙම වාර්තාව ගිස්බන් වෙරළේදීම පිහිට වූ නමුත්, එම වසරේම ස්පාඤ්ඤයේ ‘ප්ලයා එල් ප්ලයසෝ’ වෙරළ තීරයට රැස් වූ නිරුවත් පිහිණුම් කරුවන් 729 විසින් එම වාර්තාව බිදහෙළා තිබුණි.
නමුත් මේ වසරේ දී නැවතත් නවසීලන්තය ස්පාඤ්ඤ නිරුවත් පිහිණුම් කරුවන්ගේ වාර්තාව බිදහෙළා නැවතත් ඔවුන්, ඔවුන්ගේ ස්ථානය රක ගත්හ.
එම අවස්ථා දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින් නරබන්න. 


















Posted in:
පුවත්
0 comments for "නවසීලන්තය නැවතත් නිරුවතේ වාර්තාව තබයි "
Leave a reply