lanka e gossip news.8පැව්ලෙන්ස්කි
ජනේන්ද්‍රියට
ඇණ
ගසාගෙන
නැවතත්
බිහිසුණු
විරෝධයක
”‍ප්යෝදර් පැව්ලෙන්ස්කි”‍ නම් රුසියානු කලාකරුවෙක් ලෙනින්ගේ මෘත ශරීරය රඳවා ඇති ගොඩනැගිල්ලෙන් පිටත නිරුවතින් සිය වෘෂණයන් රතු චතුරස‍‍්‍රයේ ගල් පොළවට තබා ඇණ ගසා ගනිමින් විරෝධතාවයක නිරත වී සිටින පුවතක් පිළිබදව එසනට   දැනගන්නට ලැබුණි.
මෙම රුසියානු කලා කරුවා පවසා ඇත්තේ නූතන රුසියානු සමාජයේ ඇති උදාසීනත්වය හා දේශපාලන උදාසීනබව දෛවයට පැවැරීමට එරෙහි රූපණයක් ලෙස තම විරෝධය ඉදිරිපත් කළ බවයි. ශාන්ත පීටර්ස්බර්ග්හි කලාකරුවකු වන පැව්ලෙන්ස්කි රෝහල්ගත කර ප‍‍්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ක්‍රෙම්ලිනයේ පදික වේදිකාවට තබා ජනතාව ඇණ ගසනු ලැබීමට මූලික හේතුව වන්නේ ඒකාධිපති රෙජිමය නොව ජනතාවගේම පරාජයන් මත ඔවුනොවුන් විසින් ඝනීභූත විම බව ද ඔහු පවසා තිබුණි.
එමගින් ජනතාව තමන්ගේ ඉරණම උදාවනතුරු රැුඳී සිටින උදාසීන ප‍‍්‍රතිමාවන් හමුදාවක් බවට පත්වන බව පැව්ලෙන්ස්කිගේ අදහසයි. පැව්ලෙන්ස්කිගේ එකී අසභ්‍ය හැසිරීම සහ ප‍‍්‍රසිද්ධියේ නින්දා කිරීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුට නඩු පවරන ලද නමුත් දිනකට පසුව මොස්කව්හි ට්වෙර්ස්කොයි දිසා අධිකරණය මගින් නිල නිවේදනයකින් තොරව ඔහු නිදහස් කර ඇති බව ද එසැණ  අපට දැනගන්නට ලැබුණි.
එම අධිකරණයේ ප‍‍්‍රකාශිකා ‘කැතරිනා කොරොටෝවා‘ පවසා ඇත්තේ ප‍‍්‍රසාංගික කලාකරුවා සංවිධානාත්මක වරදක් කර ඇති ද යන්න අධිකරණය විසින් සලකා නොබලනු ඇති බවයි.
පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා දෝෂ සහිත බව අධිකරණය විසින් පවසා ඇති අතර යළි චෝදනා පැවරීම සඳහා පොලිසිය විසින් කටයුතු කරනු ඇතැයි පැවසේ. මේ සඳහා පැව්ලෙන්ස්කි වෙත හිමිවිය හැකි උපරිම දඬුවම වන්නේ දින 15ක සිරගත කරනු ලැබීමකි.
ඔහු මින් පෙර පුසි රයට් සාමාජිකාවන් සිරගත කිරීමට විරෝධය දක්වමින් කට මසා ගෙන විරෝධයක නිරත වූ අතර පීඩක නීති ක්‍‍්‍රමය මගින් ඊට එරෙහි වන ඕනෑම ක්‍‍්‍රියාකාරීත්වයක් සපාකනු ලබන බව විදහා දැක්වීමට මේ වසර මුල දී ශාන්ත පීටර්ස්බර්ග්හි ව්‍යවස්ථාදායක සභාවෙන් පිටත දී කටු කම්බි වලින් ශරීරය ඔතා ගනිමින් විරෝධය දක්වන ලදී.
පැව්ලෙන්ස්කි විසින් මුල පටන් ම විරෝධය පෑ එම ඡුායාරුපය සමුහය  පහතින් නරබන්න.lanka e gossip news.99
lanka e gossip news.89 (1)lanka e gossip news.96lanka e gossip news.93lanka e gossip news.85lanka e gossip news.8 (1)lanka e gossip news.935