සිංගප්පූරුවේදී මර්වින්ගේ කකුලට මොකෝ වුනේ
නව වසර සැමරීම සඳහා මර්වින් සිල්වා පිටත්ව ගියේ සිංගප්පූරුවටයි.
එහිදී වෙළඳ සංකීර්ණයක වූ විදුලි තරප්පු පෙළක යමින් සිටි මර්වින් සිල්වාගේ කකුල තරප්පු පෙලේ හිරවී තුවාලවී රෝහලක ප්‍රතිකාර ලබාගන තිබුණා.
අනතුරකට ලක්වීමට ගිය කුඩා දරුවෙකු බේරාගැනීමට යාම මෙම සිද්ධියට හේතුවූ බව ලංකාවට පැමිණි මර්වින් සිල්වා පැවසුවේ මෙලෙසින්.
"අතිගරු ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන මගේ පවුලේ කට්ටියත් එක්ක මම ගියා සිංගප්පුරුවෙයි මැලේසියාවෙයි..මේ අපේ වියදමින්..ආණ්ඩුවේ වියදමින් නෙවෙයි..අපි එහේ මෝල් එකකට ගියා එකේ ස්ටේයාර් කෙස් එකේ යනකොට සිංගප්පුරු දරුවෙක් ස්ලිප් උනා..
ඉතින් මම මේ දරුවා බේරගන්න පැන්නම මට මේ දුවන පඩිපෙළ ගැන අමතක උනා..ගමේ විදියට කියනවනම්..ඉතින් මගේ කකුල එකේ හිර උනා සෙරෙප්පුව පැත්තකට විසිවෙලා..
ඒපාර අර බේරගත්ත දෙමව්පියෝ මට තෑන්ක් යු වෙරි මච් කියල ගියා..ඉතින් මගේ භාර්යාව එල්ලගෙන, උස්සගෙන, ඇදගෙන ලේ පෙරී පෙරී හොස්පිට්ල් එකට ගියා..
හොස්පිට්ල් එකේ පැය අටක් විතර ඉඳලා ඒ අවශ්‍යය ප්‍රතිකාර කරගෙන තමයි ලංකාවට ආවේ..දැන් පරණ පුරුදු විදියට ක්ලචස් වලින් යනවා මේක මගේ ජීවිතේ සන්තෝසයෙන් ලබන ප්‍රතිඵලයක්..ඉතින් එක නිසා මම කනගාටු වෙන්නේ නැහැ."
0 comments for "සිංගප්පූරුවේදී මර්වින්ගේ කකුලට මොකෝ වුනේ"
Leave a reply