චන්ද්‍රරත්නම් හා ජැක්ලින් කොටුවේ වැඩ අල්ලයි







මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත් ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලයින් ෆර්ඩිනැඩස් රංගනයෙන් දායක වන පළමු ශ්‍රි ලාංකීය නිර්මාණය ජාත්‍යන්තර සම්මානලාභී ලාංකික සිනමාකරු චන්ද්‍ර රත්නම් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

චන්ද්‍ර රත්නම් පසුගිය කාලයේ වඩා කතාබහට ලක්වුයේ "කොමන් මෑන්" චිත්‍රපටයත් සමගය. එම චිත්‍රපටය මේ දිනවල ලංකාවේ රූගත කෙරෙන අතර පසුගියදා එම චිත්‍රපටයේ උසාවියක දර්ශනයක් කොටුවේ රූගතකොට තිබුණි.


මෙම චිත්‍රපටයේ ගෙතී ඇත්තේ ලංකාවේ 1980 ගණන් වලදී සිදුවූ ද්විත්ව මිනීමැරුමක් සම්බන්ධවය. මෙම චිත්‍රපටයට නම් තබා ඇත්තේ According To Matthew යනුවෙනි.

කිංසි පාරේ පිහිටි අන්ජලිකානු පල්ලියක පියතුමෙකු වන මැතිව් පිරිස් සහ Delrene Ingram යන තරුණිය විසින් Delrene ගේ සැමියාත් මැතිව් පිරිසගේ බිරිඳ වන Eunice ව ඝාතනය කිරීමට වරදකරුවන් වීම මෙම චිත්‍රපටයට පාදකවුණු සිදුවීම වේ.

මෙම චිත්‍රපටයේ මැතිව් පිරිස් ලෙස Alston Koch ද Delrene ගේ චරිතයට ජැක්ලින් ද පණපොවයි.

එම චිත්‍රපටයේ ජයාරූප එකතුවක් පහතින් බලන්න

















Posted in:

0 comments for "චන්ද්‍රරත්නම් හා ජැක්ලින් කොටුවේ වැඩ අල්ලයි"

Leave a reply