ඇමෙරිකාවේ යක් පැටියෙක් බිහිවෙලා - (වීඩියෝ)



තිස් ලක්ෂයක්
බය කළ
ඒ යක් බාබා
මෙන්න.......

ඇමරිකාවේ නිව්යෝක් නගරය වටා සංචාරය කළ ‘යක්ෂ බිළිඳකු’ සිටින කරත්තයක් පිළිබඳ විදෙස් වාර්තා වල දැක්වේ. එය වසා ඇති අතර එයින් බිළිඳෙකු අ`ඩන ශබ්දයක්ද ඇසේ. නමුත් අයිතිකරුවෙකු ඒ ළග පාත නොමැත. සැබවින්ම ඒ යක්ෂ බබාගේ දර්ශන ඇතුලත් මෙහි දැක්වෙන වීඩියෝව නරබන විට ද ඡායාරූප නරබන විට දීදසිත තුළ බියක් උපදවයි. කුඩා ළමුන් හා ඉතාම සංවේදී අය බබා දැක කම්පනයට ද පත් පත්ව ඇත.

අඬන ශබ්ධය ඇසෙන කරත්තය ළගින් යන්නෝ එය විවෘත කරති. එකෙනෙහිම එම කරත්තයෙන් පිටතට පැමිණෙන්නේ සාමන්‍ය බිළිදෙකු නොව ලේ වමනය කරන යක්ෂ පැටියෙකි. ජීවිතයේ කිසිම දිනක නොලැබූ අත්දැකීමක් වන මෙය දුටු විට ඔවුහු භය වී කෑ ගසාගෙන දුවති. "අපි විතරක් නෙමෙයි යක්ෂ බබා දැක පරවියොත් බය වුණා" යනුවෙන් ඒ බය වූවෙක් පැවසා තිබුණි.

"යක්ෂ බබා" ලෙස නම් කරන ලද මෙය සැබෑ බිළිදෙකු නොව රොබෝ යන්ත‍්‍රයකි. එය ඈතින සිට දුරස්ථ පාලකයකින් පාලනය කරයි. එලි රෝත් විසින් අධ්‍යක්ෂණය කරන ළද අද (17) එළි දක්වන ‘ඩෙවිල්ස් ඩියු’ චිත‍්‍රපටය, ප‍්‍රවර්ධන උපක‍්‍රමයක් ලෙස මෙම යක්ෂ බාබා නිර්මාණය කර තිබේ.

මෙසේ භය වී දුවන්නන් සියල්ලම රහස්‍ය ලෙස වීඩියෝ ගත කර "යක්ෂ බබාගේ ආක‍්‍රමණය" ලෙස යූ ටියුබ් සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබේ. දිනක් ඇතුළත එය මිලියන සංඛ්‍යාවක් නැරඹීමෙන් චිත‍්‍රපටයේ සාර්ථකත්වය කෙසේද යන්න එළි දක්වන්නටත් ප‍්‍රථම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරු නිගමනයකට පැමිණ සිටිති.

ඡායාරූප හා වීඩියෝව පහතින් නරබන්න.
































Lanka e gossip News

Posted in:

0 comments for "ඇමෙරිකාවේ යක් පැටියෙක් බිහිවෙලා - (වීඩියෝ)"

Leave a reply