බාල් නැටුමේ රෙද්ද ගැලවී නිරුපිකාව අඩනිරුවත් වෙයි !





බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, කොළඹ දිස්ති‍්‍රක් ශී‍්‍රලනිප සංවිධායක රේණුක දුෂ්‍යන්ත පෙරේරාගේ වසර 36 ක දේශපාලන දිවිය සහ වසර 15 ක අඛණ්ඩ පළාත් සභා නියෝජනය පිළිබඳව රචනා වු කොළඹ දේශපාලනයේ පරමාදර්ශය "දිගු ඉනිමක්" පොත එලි දැක්වීම පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දි සිදුවිය.

මෙම උත්සවය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරු සහ සංඝයා වහන්සේලා විශාල පිරිසක් සහභාගිව තිබුණි.

උත්සවයේ සංවිධාන කටයුතු සියල්ල වෙනත් පිරිසක් මගින් සිදුකොට ඇතිඅතර එයට ගැයුම් වැයුම් රැඟුම් ද ඇතුලත් වී ඇත.

මේ ආකාරයට එම උත්සවය විචිත්‍රවත් අන්දමින් ගලාගෙන යද්දී ආරාධිත අමුත්තන්ගේ කතා අතරතුර තරුණ තරුණියන් යුවලක් ලෙස සෑදී සිදු කල බාල් නැටුමක් ද ඉදිරිපත්කොට ඇත. එම නර්තනයේ යෙදුනු තරුණියන් දෙපා නිරාවරණය වන ඉතා කෙටි සායකින් පමණක් සැරසී සිට ඇත.

සංඝයා වහන්සේලා ඉදිරියේදී මෙවන් නැටුමක් ඉදිරිපත් කිරීම පිලිබඳ රැස්ව සිටි පිරිස ගැටළුවක් වී ඇත. මේ අතර එසේ කෙටි සායක් ඇඳ සිටි තරුණියෙකු නර්තනයේ දීමේදී එම කෙටි රෙදි කඩද ගැලවී විසිවී ගොස් ඇත.

ඒ අවස්ථාවේ උත්සවයේ සිටි බොහෝ දෙනෙකුගේ ඇස් එදෙසට යොමුවී ඇති අතර බැසිල් රාජපක්ෂ එය දැක ඔලුවේ අතගසාගෙන ඇත.



සිදුවීමෙන් අපහසුතාවයට පත් සංඝයාවහන්සේලා කිහිප නමක් එම අවස්ථාවේදීම සභාවෙන් නැගිට පිටවගොස් ඇත.







Posted in:

0 comments for "බාල් නැටුමේ රෙද්ද ගැලවී නිරුපිකාව අඩනිරුවත් වෙයි !"

Leave a reply