ප්‍රසිද්ධියේ සමාව ගන්න අගමැතිට දින දෙකක්
මල් පාරේ අගමැති කාර්යාලය වට කැර පැය කිහිපයක් ගත කළ මහා සංඝරත්නයට අගමැති
නියෝජිතයකු අත සමාව ඉල්ලා ලිපියක් එවා තිබිණි.
ප්‍රසිද්ධියේ සමාව ගැනීමට තව සති දෙකක් කල් දෙන බව සිහල රාවය කියයි.
අගමැති බුද්ධ ශාසන අමාත්‍යංශ ධුරයෙන්ද ඉල්ලා අස්විය යුතු යැයි ද සිහල රාවය බල
කරයි.
ගම්පොළ පැවැති රැස්වීමකදී චීවරධාරියා යන වචනය භාවිතා කිරීමෙන් සිල්වත් ගරුතර මහා
සංඝ රත්නයට අපහාසයක් සිදු කිරීමට කිසිසේත් අදහස් නොකළ බවත් යම් කිසි ආකාරයකින්
සිල්වත් ගරුතර මහා සංඝරත්නයට අපහාසයක් සිදු වුයේ යැයි කල්පනා කරන්නේ නම් අතිශයින්
කණගාටු වන බවත් අගැමැති සම්බන්ධිකරණ ලේකම්වරයකු අත එවු පණිවිඩයේ සඳහන්ය.
Posted in:
පුවත්
0 comments for "ප්‍රසිද්ධියේ සමාව ගන්න අගමැතිට දින දෙකක්"
Leave a reply