ඇමැති මර්වින් සිංගප්පූරුවේදී අනතුරකට ලක්‌වෙයි
ධම්මික සල්වතුර
මහජන සම්බන්ධතා හා මහජන
කටයුතු පිළිබඳ අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිංගප්පූරුවේදී හදිසි අනතුරකට ලක්‌වීම
නිසා පාදයේ ආබාධයක් ඇතිවී ශල්‍යකර්මයකට භාජන කර ඇත.
සිංගප්පූරුවේ සුපිරි
වෙළෙඳසලක ස්‌වයංක්‍රීය පියගැට පෙළකදී කුඩා දරුවකු අනතුරකට ලක්‌වීමට ගිය විටෙක
අමාත්‍යවරයා එම දරුවා බේරාගැනීමට තැත් කිරීමේදී ඔහු මෙම අනතුරට මුහුණපා
ඇත.
අමාත්‍යවරයාගේ පාදයක් පියගැටපෙළේ සිරවී ඇදවැටීමෙන් ආබාධයට ලක්‌වීම නිසා
විශේෂ සැත්කමක් සඳහා ඔහු සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. සැත්කමෙන්
පසු අමාත්‍යවරයා 05 දා යළි දිවයිනට පැමිණිය ද තවමත් රෝගී තත්ත්වයෙන්
පසුවෙයි.
ප්‍රතිකාර ලබමින් සිටින මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සුවදුක්
විමසීම සඳහා මැති ඇමැතිවරුන් රැසක් පසුගිය දින කීපය තුළ ඔහුගේ නිවසට පැමිණ
ඇත.
Posted in:
පුවත්
0 comments for "ඇමැති මර්වින් සිංගප්පූරුවේදී අනතුරකට ලක්‌වෙයි"
Leave a reply