සුළි කුණාටුවෙන් බලපෑමක් වුවහොත් සහන සැලසීමට සූදානම්
සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාත ඇතුළු වෙනත් ප්‍රදේශයක ජන ජීවිතයට
යම් බලපෑමක් ඇති වුවහොත් වහා සහන සැලසීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර ඇතැයි ආපදා
කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.
සුළි කුණාටුවට
ලක්‌විය හැකි බවට සැකකරන ප්‍රදේශවල ජනතාව වෙරළ තීරයෙන් මීටර් 100 ක් පමණ දුරකට ඈත්
කරන ලෙස නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද ඇමැතිවරයා කීය.
තමා විසින් ඊයේ උතුරු
පළාත් මහ ඇමැති විග්නේශ්වරම් මහතා ඇතුළු ත්‍රිsවිධ හමුදා, පොලිසිය, දිසාපතිවරුන්,
ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ආපදාවක් ඇති වුවහොත් අවශ්‍ය පහසුකම් ඉක්‌මනින්
ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දුන් බව ඇමැතිවරයා කියා සිටියේය.
Posted in:
පුවත්
0 comments for "සුළි කුණාටුවෙන් බලපෑමක් වුවහොත් සහන සැලසීමට සූදානම්"
Leave a reply