අතුරුදන් මැලේසියානු ගුවන් යානය : ඉන්දීය සාගරයෙන් තව ත් සංඥාවක් නිකුත් වෙයි


අතුරුදන් මැලේසියානු ගුවන් යානය : ඉන්දීය සාගරයෙන් තව ත් සංඥාවක් නිකුත් වෙයි

අතුරුදන් මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගරයේ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විසින් දෙවන වරට ත් ස්පන්දන සංඥාවක් ග්‍රහණය කර ගනු ලැබ තිබේ.


ඔස්ට්‍රේලියානු බලධාරීන් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, පළමු  සංඥාව නිකුත් වූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක් ඇතුළතදී  දෙවන සංඥාව නිකුත් වී ඇති බව ය.

අතුරුදන් මැලේසියානු ගුවන් යානය සොයා දක්ෂිණ ඉන්දීය සාගර කලාපයේ මෙහෙයුම්වල නිරත චීන නෞකාවකට ඊයේ පළමු වරට ස්පන්දන සංඥාවක් ග්‍රහණය  විය.
mh370-626x380
කෙසේ වෙතත් මෙම සංඥා, අතුරුදන්  මැලේසියානු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වන සංඥාවන් ද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට බලධාරීන් තව ම ත් සමත් වී නොමැත.

අතුරුදන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ දැවැන්ත මෙහෙයුම සඳහා මේ වන විට ගුවන් යානා 12ක් නෞකා 13ක් යොදවා තිබේ.

පසුගි ය 8 වන දා මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ MH370  ගුවන් යානයේ අතුරුදන් වීම පිටුපස ඇති අභිරහස  හෙලි කර ගැනීමට ඇති එකම උපකරණය වන  යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා සෝදිසි කණ්ඩායම් මේ වන විට දැඩි ප්‍රයත්නයක නිරතව සිටී.
Posted in: | Posted by :

අද හිනාව (නංගිට මම සිරා) පිටුවට like කරලා එක්වන්න "එසැණින්"


Posted in: | Posted by :

හෙළයේ මහා ඝාන්දර්වයා පණ්ඩිත් අමරදේව නව පරපුරේ ගායිකා උමාරියා සමග ගැයූ යුග ගීය.


Posted in: | Posted by :

බලන්න විශ්වය තුළ අපි කොච්චර පුංචිද. (පිටුවට like කරලා එක්වන්න එසැණින්)


Posted in: , | Posted by :

අද හිනාව (funny cricket) පිටුවට like කරලා එක්වන්න සියල්ල එසැණින්.


Posted in: | Posted by :