මැදපෙරදිග කාන්තාවන්ටත් සමාන අයිතීන් ඉල්ලා පැරිසියේදී කාන්තා නිරුවත් උද්ගෝෂණයක්


මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල කාන්තාවන්ගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් සහාය පල කරන නිරුවත් උද්ඝෝෂණයක් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන පැවැත්විණි. පැරිස් නුවර ජාත්‍යන්තර ලුවර් කෞතුකාගාර චතුරශ්‍රයේදී (8) පැවති මේ නිරුවත් උද්ඝෝෂණයට එක්ව සිටියේ අරාබි ලෝකය නියෝජනය කරනු ලබන කලා හා කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසකි.

අමිනා ස්බෝයි, අලියා මග්දා එල් මහදි, සොල්මාස් වකිල්පොර්, සෆියා ලේබ්දී, මේරියම් රසල්, මරියම් නමාසි ඇතුළු පිරිස කියා සිටියේ
ඉස්ලාමිය රටවල කාන්තාවන්ගේ නිදහස තහවුරු කලයුතු බවත් කාන්තාවන්ව සමානයන් ලෙස සලකන ලෙසත් මෙම නිරුවත් උද්ගෝෂණය මගින් බල කර සිටින බවය.

උද්ඝෝෂණයේ නිරතව සිටි කලා හා කාන්තා ක්‍රියාකාරිනියන් සියලු දෙනාවම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පැය කිහිපයකට පසුව සියලුදෙනාවම නිදහස් කෙරිණි.

Posted in: ,

0 comments for "මැදපෙරදිග කාන්තාවන්ටත් සමාන අයිතීන් ඉල්ලා පැරිසියේදී කාන්තා නිරුවත් උද්ගෝෂණයක් "

Leave a reply