සතියට දවසක් සේවිකාවන් යට ඇදුමෙන් පමණක් සැරසී සේවයට පැමිණිය යුතු අවන්හලක්.
සේවිකාවන් යට ඇදුමින් සැරසීගෙන සේවයේ යෙදෙන අවන්හලක් ස්පාඤ්ඤයේ වේ.
එරික් ෂෂ නම් වන මේ අවන්හල පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤයේ නැගෙනහිර දිග කැටටෝනියා ප‍්‍රාන්තයේය.එහි සේවිකාවෝ යට ඇදුමින් සැරසීගෙන පාරිභෝගිකයින්ට ආහාර පිළිගන්වති.
අවන්හලේ හිමිකාරිනී ලෝලි කරිල්ලෝ අවන්හලේ ආදායම දෙගුණ තෙගුණ වී ඇති බව පවසන්නීය.
කෙසේ වුවත් ස්පාඤ්ඤයේ කි‍්‍රයාත්මක කාන්තා විමුක්ති සංවිධාන වල විරෝධය අවන්හල කෙරේ පලවී ඇත.අවන්හලේ හිමිකරුවන් ලාභ ඉපයීමට යැයි කියා සේවිකාවන් අයුතු ආකාරයෙන් සේවයේ යොදවා ඇතැයි එම සංවිධාන චෝදනා කරන්නේය.
පිළිතුරු ලෙස ලෝලි පවසන්නේ සේවිකාවන් මෙසේ සැරසීගෙන සේවයේ යෙදෙන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් බවයි.සතියේ සෑම දිනකම ඔවුන් එසේ යට ඇදුමින් සැරසීගෙන නොසිටින බවද ඇය කියන්නීය.
Posted in:
පුවත්
0 comments for "සතියට දවසක් සේවිකාවන් යට ඇදුමෙන් පමණක් සැරසී සේවයට පැමිණිය යුතු අවන්හලක්."
Leave a reply