මිහිකතට නරක දසාවක්
පෘථීවියේ චුම්භක ක්ෂේත්‍රය දුර්වල වෙමින් පවතින්නේයැයිද එනිසා පෘථීවියේ උතුරු හා දකුණු චුම්භක ධ්‍රැව මාරු වීමේ ප්‍රවණතාවක් ඇතැයිද එම මාරු වීම පෘථීවියේ සියලූ ජීවී කොටස් මත අහිතකර ලෙස බලපානු ඇතැයිද විද්‍යාඥයෝ අනතරු අගවති.
පෘථීවියේ චුම්භක ධ්‍රැව පිහිටීමට බලපානුයේ පෘථීවි අභ්‍යන්තරයේ සිදුවන විවිධ ක්‍රියාවලින් බලපෑමක් කරයි.
මෙය කෙසේ සිදුවන්නේදැයි සොයාගැනීමට විද්‍යාඥයින්ට මෙතෙක් හැකිවී නොමැත.නමුත් මෙම කි්‍රයාවලියේ ප්‍රතිඵලයක් ලෙස පෘථීවියේ උතුරු හා දකුණ ලෙස ධ්‍රැව පිහිටන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මානය වී ඇති බවත් එම චුම්භක ක්ෂේත්‍රය පෘථීවියේ ඕසෝන් ස්ථරයද පසුකරමින් ඉහළ අභ්‍යාවකාශය දක්වාම විහිදෙන බවත් ඔවුන් සොයාගෙන ඇත.
මෙම චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව ගතවුණු වසර 200 ක කාලය පුරාවට ක්‍රමයෙන් පහත වැටෙමින් තිබීම පෘථිවයේ ධ්‍රැව වෙනසක් සිදුවීමේ පෙරනිමිත්තක් ලෙස විද්‍යාඥයින් හදුන්වාදී ඇත.
පෘථීවිය වටා පිහිට චුම්භක ක්ෂේත්‍රය සූර්යයාගේ සිට පැමිණෙන විවිධාකාරයේ අංශ+න් හා විකිරණ පෘථීවි වායුගෝලයට ඇතුළුවීමට ඉඩ නොදී හරවා යවයි. එය දුබල වනවා යනු එම විකිරණයන් හා අංශු පෘථීවියට ඇතුල් වීමට දොර විවර කර දීමකියි ඔවුහු කියති.
zzචුම්භක ක්ෂේත්‍රය දුබල වීම නිසා අනතුරුදායක අවස්ථා 2 ක් ඇතිවෙනවා. එකක් තමයි පෘථීවියේ ධ්‍රැව මාරු වීම. අනෙක තමයි සූර්යායගේ සිට පැමිණෙන හානිකර විකිරණ හා අංශූ වලට පෘථීවිය නිරාවරණය වීම. මේ දෙකම එකට සිදුවන පෘථීවියට විශාල බලපෑමක් එල්ල වන්න පිළිවන්zz යැයි පවසන්නේ ලිවර්පූල් සරසවියේ මහාචාර්ය රිචඩ් හොල්මිය.
පෘථීවියේ ධ්‍රැව මාරු වීමේදී කාලගුණ විපර්යාස, සන්නිවේදන ගැටලූ, සතුන්ගේ සංක්‍රමණ ක්‍රියාවලිය අඩපණ වීමෙන් ඇතිවන ගැටලූ ඇති වීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ කියති.මේ චුම්භක ස්ථරය දුර්වල වීමෙන් හානිදායක සූර්ය විකිරණ පෘථීවිය මත පතිත වී විකිරණශීලීතාව ඉහළ ගොස් නොයෙකුත් ආකාරයේ පිළිකා තත්ත්වයන් ඇතිවනු ඇතැයි විද්‍යාඥයන් කරන අනතුරු ඇගවීමට අමතරවය.
අතීතයේදීත් මෙවන් ධ්‍රැව හුවමාරුවක් සිදුවී ඇති බවට සාක්ෂි තිබේ.
‘සාක්කි තිබෙනවා. සාක්කි තිඛෙනවා කියන්නේ මිනිසුන් ධ්‍රැව හුවමාරුවට සාර්ථකව මුහුණ දීලා කියන එක.අප සිතන විදියට මහා මිනිස් හා සත්ත්ව ජීවිත අහිමිවීමක් සිදුවෙලා නැති බවක් තමයි පෙනෙන්නේ.නමුත් මෙය කිසි ලෙසකින්වත් සුළුකොට තැකිය හැක්කක් නොවේ.අපට කියන්න බැහැ ඇත්තටම ධ්‍රැව හුවමාරුවක් සිදුවෙයිද කියලා.නමුත් චුම්භක ක්ෂේත්‍රය නම් දුබල වෙමින් පවතින බව ස්ථීරවම කිව හැකියි.ආරක්ෂා වීමට දැන් සිටම සූදානම් වන්න වේවි‘ යැයි මහාචාර්ය රිචඩ් හොල්මි වැඩිදුරටත් පවසයි.
Posted in:
අධ්‍යාපනික

0 comments for "මිහිකතට නරක දසාවක්"
Leave a reply