නදීෂාට වියදම් කරන්න ව්‍යාපාරිකයන් පෙලගැසේ !



මෙවර දකුණු පලාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන නදීශා හේමමාලි හට වියදම් කිරීමට ව්‍යාපාරිකයින් පෙළගැසී සිටින බව වාර්තාවේ.

ඔවුන්ගෙන් ලැබෙන මුදල් වලින් රු. කෝටි 4ක් මෙවර මැතිවරණයට වියදම්කිරීමට නදීශා බලාපොරොත්තු වේ.

මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟවදින නිමල් ලංසා පසුගියදා ඔහු පවසා තිබුණේ මහ ඇමති වෙන්න නම් අඩුම තරමින් ලක්ෂ 1,000ක් වත් වියදම් කළ යුතු බවයි.

පසුගිය වයඹ මහ මැතිවරණයේදී ඇමති ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් විසින් ලක්ෂ 3,480ක් වියදම් කළ බවද ඔහු පවසා තිබුණි.

ඒ සමඟම ඔහු පවසා තිබුණේ මෙවර බස්නාහිර පලාතෙන් වැඩිම මනාප ගන්නේ උදය ගම්මන්පිල බවත්, දෙවෙනියට වැඩිම මනාප ගන්නේ හිරුණිකා බවත්ය. එසේ වුවද බස්නාහිර පලාතම ගත් විට දෙවෙනියට වැඩිම මනාප ගන්නේ තමන් බවයි ඔහු පවසා තිබුනේ.

මීගමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මහා පරිමාණ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිමල් ලංසා හට චෝදනා එල්ලවූ අතර 2011 සැප්තැම්බර් මාසයේදී කොළඹින් මීගමුවට ගිය විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් මත් කුඩු සොයා නිමල් ලංසාගේ සහ ඔහුගේ හිතවතු‍න්ගේ නිවාස පරික්ෂා කර තිබුණි.

නමුත් ඊට පසුදින ලංසාගේ නිවසට ගිය රජයේ ප්‍රබලයෙක් එම විශේෂ මෙහෙයුම සම්බන්ධ කනගාටුව ප්‍රකාශ කර තිබුණි.


Posted in:

0 comments for "නදීෂාට වියදම් කරන්න ව්‍යාපාරිකයන් පෙලගැසේ !"

Leave a reply