දුව කෙළෙසීමට මවගෙන් උදව්. {එසැණින්..පුවතකට වැඩියමක්.}

දැරියක්
සමුහ ලෙස
දුෂණයට
ලක්වෙයි……
රන්න කහඳමෝදර ධීවර ගම්මානයේ පදිංචි දාහතර හැවිරිදි බාලවයස්කාර දැරියක සමූහ දූෂණයකට ලක්ව වූ පුවතක් පිළිබදව තොරතුරු රැසකි මේ…… අදාළ සිද්ධියට මුහුණ පෑ දැරිය පුද්ගලයින් නව දෙනෙකු විසින් දූෂණයට ලක්කර ඇත. ඉකුත් 06 වැනි දින පොලිසිය විසින් මෙයට සම්බන්ධ පුද්ගලයින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වුවන් අතර දැරියගේ බාප්පා සහ ඥාති සහෝදරයින් කිහිපදෙනෙකුත් අසල්වැසියන් කිහිපදෙනෙකුත් දූෂිතයන් අතර සිටි. තවත් තිදෙනෙකු ගම අත්හැර පලාගොස් ඇතැයිද පැවසෙනවා. මෙහි විශේෂත්වය වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දැරියගේ මව ද සිටිමයි. ඒ ඇයි ද? යන්න කියා ඔබට හැගෙනවා විය යුතුයි….
ඒ ඇගේම දැරියගේ අපයෝජනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ලද පෙත්සමකට අනුව ය. ඔවුන් ලබන මේ මාස 12වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කෙසේ නමුත් දැන් දැන් රට ගමන් කරන්නේ පුදුමාකාර අසහනකාරී දිශානතියකට ය. නමුත් අප සංස්කෘතිය රැකගනිමින් දිගින් දිගටම ලිංගික අධ්‍යාපනය යන අත්‍යාවශ්‍ය ඉගැන්වීම පාසැල් වලින් හංගාගෙන සිටිමු. දරුවන්ගේ නොදැනුවත් බව නිසාවෙන් ද ඔවුන් විටෙක මෙවන් නරුමයින්ට නතුවනවා වන්නට පුළුවනි.
Posted in:
පුවත්
0 comments for "දුව කෙළෙසීමට මවගෙන් උදව්. {එසැණින්..පුවතකට වැඩියමක්.}"
Leave a reply