ඇත්තටම ආදරේනම් පමණක් ගැලවිය හැකි තිසරපටක්.
තුන් ගුණයකින් පියයුරු විශාල කර පෙන්වන තිසරපට පවුම් 34කි
දිනෙන් දින දියුණු වන ලෝකයේ යට ඇඳුම් නිපදවීමේ තාක්ෂණයද මේ වනවිට දියුණු වෙමින් තිබේ.
බ්‍රිතාන්‍ය සමාගමක් විසින් තරුණියන්ගේ ඇති පියයුරු ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කර පෙන්වන නව තිසරපටක් හඳුන්වා දී තිබෙන අතර ජපානය විසින් හඳුන්වා දී ඇත්තේ ආදරණීය හැඟීමක් ආ විට ඉබේ ගැලවී යන ආකාරයේ තිසරපටකි.
එම තිසරපට පැළඳ සිටින කාන්තාවට යම් පිරිමියෙකු ආදර බලපෑමක් කිරීමට පෙලඹීමේදී එම කාන්තාවටද ආදරණීය හැඟීමක් පහල වුවහොත් තිසරපට ඉදිරියෙන් විවෘත වේ.
ආදර හැඟීමෙන් ගැලවී යන තිසරපට
ජපානයේ Ravijour සමාගම විසින් හඳුන්වා දී ඇති මෙම තිසරපට මඟින් පැළඳ සිටිනා කාන්තාවගේ හෘද ස්පන්ධනය ගණනය කරනු ලබයි.
ඒ අනුව සැබෑ ආදරයක් ඇතිවීම මෙමඟින් හඳුනාගත හැකි අතර ආදරණීය හැඟීමෙන් පසු පිරිමියාට තිසරපට ගැලවීමට වෙහෙසවිය යුතු නොවන්නේ එය ඉබේම ගැලවී යන නිසාය.
තරුණියගේ හෘද ස්පන්ධ වේගය බ්ලූටූත් මඟින් අසල ඇති iphone එකක් වෙන ලබාදෙන අතර එහි ඇති App එකක් මඟින් හෘද ස්පන්ධනවේගය නිරතුරුව ගණනය කරනු ලබයි.
සැබෑ ආදරයක් ඇතිවී තිබෙන බව හඳුනාගැනීමෙන් පසු එම ඇප් එක මඟින් තිසරපටේ ඉදිරිපස ඇමුණුම ගැලවීයාම සඳහා සංඥාවක් යවනු ලබයි.
0 comments for "ඇත්තටම ආදරේනම් පමණක් ගැලවිය හැකි තිසරපටක්."
Leave a reply