ලක් කතගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ




  කුවේටයේ ජීබ්අල්ෂූයූක් ප්‍රදේශයේ ශ්‍රීලාංකික කාන්තාවකගේ සිරුර සිය නවාතැන් පොළේ විදුලිපංකාවක කඹයකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.

මෙය දැනගත් ගොඩනැගිලි භාරකරු ආරක්ෂක අංශයට දැනුම් දුන්නේය.

ආරක්ෂඛ නිලධාරීන් සහ මරණ පරීක්ෂක ශරීරය බිමට බානවිටත් ඇය මියගොස් සිටි බවට තීරණය කළහ.මළසිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවට යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් බදුකරුගෙන් සහ ගොඩනැගිල්ල භාරකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.ඇය සිය දිවි නසාගන්නට ඇතැයි එරට පොලීසිය කියයි.


Posted in:

0 comments for "ලක් කතගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ"

Leave a reply