නදීශා හේමමාලී හදිසි රිය අනතුරක


EAP සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන සමාජ මෙහෙවරක් වන ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල ඊයේ (24) රාත්‍රී 10ට පමණ හදිසි රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තාවේ.

ඔහු රිය අනතුරට ලක්වන විට ජනප්‍රිය නිලියක් වන නදීශා හේමමාලී ද ඔහුගේ රියේ සිටි බව අප වෙත වාර්තා වේ.

බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුවී ඇති අතර නදීෂා හේමමාලි ද සිට ඇත්තේ බීමතිනි. බත්තරමුල්ල පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සිට ඔවුන් සුපුරුදු පරිදි මෙසේ විනෝද වී නැවත එන අතරවාරයේ මෙම අනතුර සිදුවී ඇත.

රිය අනතුරෙන් නදීශා සුළු තුවාල ලබා ඇති අතර චතුර රදම්පොල හට තරමක තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. අනිත් රියේ සිටි පුද්ගලයින් නදීෂා හඳුනාගැනීමත් සමග ඇය ආයාචනා කොට ඇත්තේ මෙම සිදුවීම මාධ්‍යයට හෙලි නොකරන ලෙසයි.

පසුව ඇය කැබ් රථයක නැගී එතනින් නික්ම ගොස් ඇති අතර ප්‍රතිකාර ගැනීම සදහා චතුර රදම්පොල නවලෝක රෝහලට ඇතුලු වී ඇත.

 කෙසේ වෙතත් චතුරගේ තුවාල එතරම් බරපතල නොවූ හෙයින් ඔහු අද උදෑසන රෝහලෙන් පිටවගොස් ඇත.

මෙය මාධ්‍යයෙන් වසන් කිරීම සඳහා නදීෂා සහ චතුර ඇතුළු පිරිස මහත් වෙහෙසක් ගනිමින් සිටින බව අප වෙත වාර්තා වේ.

Posted in:

0 comments for "නදීශා හේමමාලී හදිසි රිය අනතුරක"

Leave a reply