විසි නවහැවිරිදි වෙනිසුවෙලාවේ හිටපු රූ රැජින මහමග ඝාතනය කරයි



වෙනිසුවෙලාවේ හිටපු රූ රැජිනක වන විසිනව හැවිරිදි ‘මොනිකා ස්පියර්’ හා  සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික තිස්නව හැවිරිදි ‘තෝමස් බෙරි’ වෙඩි තබා ඝාතනය කොට ඇති බව කියැවේ. ‘වැලන්සියා’ නගරයේ සිට ‘පුවර්ටෝ කැබෙලෝ’ නගරය කරා දිවෙන අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටි මෙම යුවළ වෙඩි තබා ඝාතනය කොට ඇත්තේ ඔවුන්ගේ මෝටර් රිය තුළ වන අතර, සිද්ධියෙන් තුවාල ලැබූ ඔවුන්ගේ පස්හැවිරිදි දියණියද රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. 2004 වසරේදී වෙනිසුවෙලාවේ රූ රැජින ලෙස කිරුළු පැළඳූ මොනිකා ටෙලි නාට්‍ය කිහිපයකද රඟපා තිබේ.
ඔවුන් ඝාතනය කෙරී ඇත්තේ රථය මංකොල්ලකෑමට ගනු ලැබූ උත්සහයකදී වන බවට විශ්වාස කෙරේ.

Posted in:

0 comments for "විසි නවහැවිරිදි වෙනිසුවෙලාවේ හිටපු රූ රැජින මහමග ඝාතනය කරයි"

Leave a reply