භාරත වෙනුවෙන් හිරුණිකා සටනට

මේ හමුවට හිරුණිකා සමඟ ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහභාගි වී ඇති අතර, ජනාධිපතිවරයා සමඟ ශිරන්ති රාජපක්ෂ ආර්යාව, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගි වී ඇත.
හිරුණිකාට මැද කොළඹ ආසනයේ සම සංවිධායක ධුරය පිරිනැමීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇයට පවසා ඇත්තේ එහි සංවිධාන කටයුතු හොඳින් සිදුකර ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයට මැද කොළඹ ආසනයේ අපේක්ෂිකාව වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් වන ලෙසය. තවද ජනාධිපතිවරයා ඉතා සංවේදීව හිරුණිකාට පවසා ඇත්තේ ‘දරුවො ඔයා මගෙන් අෑත් වෙන්න අෑත් වෙන්න වැරැදි පුද්ගලයන් මට ළංවුණා…’ කියායි. හිරුණිකාගේ ඉදිරි දේශපාලන ගමනට තම සම්පූර්ණ ආශීර්වාදය පළකරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.
Posted in:
පුවත්
This comment has been removed by a blog administrator.
ReplyDelete