ගාල්තැන්නේ කපුවා කපෝතියි !

ගාල්තැන්න දේවාලයේ ගාමිණි දේවගැතිවරයා විසින් ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු , සහෝදරියක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විත්තිකරුවන් ලෙස නම්කොට අධිකරණයේ ගොනු කල නඩු පහක් ඊයේ (20) දිනයේදී අදාළ නඩු ගාස්තු වලට යටත්ව මහනුවර දිසා අධිකරණය විසින් නිෂ්ප්‍රභ කොට තිබේ.
දේවගැතිවරයා නඩුවාර කිහිපයකදීම අධිකරණයට නොපැමිණීම හා ඔහු වෙනුවෙන් විධිමත් ලෙස නීතිඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ එම නඩු පහම නිෂ්ප්‍රභ කොට තිබේ. වරින්වර දේවගැතිවරයා වෙනුවෙන් නීතිඥවරුන් කිහිප දෙනෙක් පෙනී සිට ඇතිඅතර එම නීතිඥවරුන්ද ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකරමින් අදාළ නඩු කල් තබන මෙන් පමණක් ඉල්ලා තිබේ.
දේවගැතිවරයාගේ සහෝදරයන් දෙදෙනෙකු, සහෝදරියක සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු විත්තිකරුවන් කල එම නඩු වල ප්‍රධාන චෝදනාව වුයේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ බැලුම්ගල වැඩසටහන වෙත ඔහුගේ තොරතුරු ලබාදී අපහාස සිදුකිරීමේ චෝදනාවයි.
එක් පුද්ගලයෙකුගෙන් කෝටිය බැගින් වන්දි ඉල්ලා දේවගැතිවරයා විසින් නඩු පවරා තිබුණි. දේවගැතිවරයාගේ වංචාවන් මාධ්‍යය හරහා එලිවූ හැමවිටම අධිකරණයට ගොස් සිදුවූ අපහාසයට වන්දි ඉල්ලා නඩු පැවරීම දේවගැතිවරයාගේ සිරිත වුවත් මාධ්‍යය මගින් හෙලිකල කරුණු අසත්‍යය බව හෙළිකිරීමට තවමත් අපොහොසත් වී ඇත.
දේවගැතිවරයා විසින් පවරා ඇති වෙනත් නඩු
ලංකා පුවත්පතේ පලවූ ලිපි දෙකක් මගින් ඔහුගේ කිර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් රුපියල් ලක්ෂ 510 ක් වන්දි ඉල්ලා ලංකා පුවත්පතට එරෙහිව නඩු පවරා ඇත.
නෙත් එෆ්.එම් ගුවන් විදුලිය මගින් 2010 වසරේ අගෝස්තු මස 30 සහ 31 යන දෙදිනත්, සැප්තැම්බර් මස 27 වනදාත් ගාල්තැන්න දේවාලය පිළිබද විකාශය කරන ලද බැලුම්ගල වැඩසටහනින් සිදුවූ අපහාසය වෙනුවෙන් මිලියන 50 ක වන්දි ඉල්ලා නඩු පවරා ඇත.
0 comments for "ගාල්තැන්නේ කපුවා කපෝතියි !"
Leave a reply