ජනපති හෙට ඊශ්‍රායලයේ සංචාරයකට යයි
ජනපති හෙට ඊශ්‍රායලයේ
හා පලස්‌තීනයේ සංචාරයකට යයි
අනුර බාලසූරිය
සිව්දින නිල විදේශ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද
රාජපක්‍ෂ මහතා හෙට (4 දා) දිවයිනෙන් පිටත්ව යැමට නියමිතය.
ජනාධිපතිවරයා මෙම සිව්දින තුළ ඊශ්‍රායලයේ හා පලස්‌තීනයේ
නිල සංචාරයක යෙදුනු ඇත.
දෙරටින් ලැබුණු ආරාධනයකට අනුව ජනාධිපතිවරයා
මෙම සංචාරය සඳහා පිටත්ව යන අතර එහිදී දෙරටේ රාජ්‍ය නායකයින්
සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සමග විදේශ රටවල් අතර පවතින සම්බන්ධතා තවදුරටත්
තරකර ගැනීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
Posted in:
පුවත්
0 comments for "ජනපති හෙට ඊශ්‍රායලයේ සංචාරයකට යයි"
Leave a reply