රන් ගවොම වැඩි ගණනක් නෑ
අලූත් අවුරුදු සාද වල තම මිතුරියන් අතර කැපී පෙනීමට කැමති කාන්තාවන් වෙනුවෙන්
නිර්මාණය කැරුණු සම්පූර්ණයෙන්ම පිරිසිදු රත්‍රන් වලින් තනා ඇති ගවුමක් දැන්
වෙළදපොළේ විකිණීමට තිබේ.
තුර්කි ජාතික නිර්මානකරුවෙකු වන අහ්මෙට් අක්ටාන්ගේ නිර්මානයක් වන මෙම ගවුම
තැනීමට රත්‍රන් කැබලි 78000 කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇත.
ගවොමේ සිරිය මෙන්ම ගවුමේ මිලද ඉහළය.පවුම් 85000 කට (රුපියල් 18615000) මෙම ගවොම
මිල කර තිබේ.
මිල ඉහළ වුවත් දැනටමත් ගවුම් 8 ක් විකිණී ගොස් ඇතැයි අහ්මෙට් කියයි.
ඔහුගේ අපේක්ෂාව තව තවත් රත්‍රන් වලින් නිමැවූ ඇගලූම් වෙළදපොළට නිකුත් කිරීමයි.
Posted in:
පුවත්
0 comments for "රන් ගවොම වැඩි ගණනක් නෑ"
Leave a reply