මත්තලින් ගුවන් ගත වෙමින් තිබූ යානයක මොනරෙක් ගැටේ.


මත්තල ගුවන්තොටුපලේ සිට ගුවන්ගත වෙමින් තිබූ ගුවන් යානයක අද (11දා) පෙරවරුවේ මොනරෙකු ගැටී තිබෙනවා. මත්තල ගුවන්තොටුපලේ හදිසි මෙහෙයුම් ඒකකය ප‍්‍රකාශ කළේ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් මගී ප‍්‍රවාහන යානයක මෙලෙස මොනරෙකු ගැටුණු බවයි. මෙහිදී ගුවන් යානයේ ගැටුණු මොනරා මියගොස් ඇති අතර ගුවන් ගමනට මින් බාධාවක් නොවූ බව ද මත්තල ගුවන්තොටුපලේ හදිසි මෙහෙයුම් ඒකකය තවදුරටත් ප‍්‍රකාශ කළා.

Posted in:

0 comments for "මත්තලින් ගුවන් ගත වෙමින් තිබූ යානයක මොනරෙක් ගැටේ. "

Leave a reply