හෙණ ගහන දෙමව්පියො දෙන්නෙක්

හෙණ ගහන දෙමව්පියො දෙන්නෙක් 

දෙමාපිය රැකවරණය යටතේ සිටියදී පවා දිනකට ශ්‍රිලංකාවේ බාල දැරියන් 3 ක් හෝ අවම වශයෙන්
අපචාරයට ලක්වන බව වාර්තාවේ. දෙන්නා දෙමහල්ලා රන්ඩුවී තම බාල දැරිවියන් තිදෙනාම අතහැර
ගිය අදම දෙමාපිය යුවලක් ගැන වාර්තා වේ.

පසුගිය 28 දා සවස 3.30 ට පමණ මීටියාගොඩ පොලිස් වසමේ අක්කර 30 කිරිමටියාවත්ත බටපොල
ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිත ලෙස බාල වයස්කාර ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින බවට මීටියාගොඩ
පොලිසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භකරතිබේ.

එවිට මව සහ පියා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් දැරියන් තිදෙනෙකු නිවසේ තනිකර දමා දෙමාපියන්
නිවසින් පිටව ගොස් තිබී වයස අවුරුදු 8 අවුරුදු 5 සහ අවුරුදු 2ක් වන ගැහැණු දරුවන් තිදෙනෙකු මීටියාගොඩ පොලිස් බාරයට ගෙන ඊයේ (29) බලපිටිය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කර දරුවන් තිදෙනා මේ වන විට කිතුලම් පිටිය රුහුණ ළමා නිවාසයට භාරදී තිබේ. දෙමාපියන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Posted in:

0 comments for "හෙණ ගහන දෙමව්පියො දෙන්නෙක් "

Leave a reply